පළාත් පාලන දෙපාර්තමේන්තුව

පළාත් සභා සංකීර්ණය, පල්ලෙකැලේ , කුණ්ඩසාලේ

අපගේ අරමුණු

* පළාත තුල පිහිටි සියලුම පළාත් පාලන ආයතනවල පුළුල් පරමාර්ථ අරමුණු නිවැරදිව අවබෝධ කර ගෙන ස්වකීය බලතල හා වගකීම, කාර්යයන් නිවැරදිව ක‍්‍රියාත්මක කරන බව සහතික කිරිම.
* පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට විවිධ අණ පනත් නීති රීති රෙගුලාසි චක‍්‍රලේඛ ආදියෙන් පැවරි ඇති බලතල ක‍්‍රියාත්මක කිරිම.
* සෑම පළාත් පාලන ආයතනයක්ම සිය සීමාව නොඉක්මවා කටයුතු කරන බවට සහතික විම
* රජයේ සහ පළාත් සභාවේ ප‍්‍රතිපත්ති තීරණයන්ට අනුකූලව පළාත් පලාන ආයතන කටයුතු කරන බවට වග බලා ගැනිම.
* පළාත් පාලන ආයතන වෙත අවශ්‍ය සෑම අවස්ථාවකදීම අවශ්‍ය උපදෙස් ලබාදීම හා නිවැරදි මඟ පෙන්විම.
* පළාත් පාලන ආයතන වෙත විශේෂයෙන් වැටුප් ප‍්‍රතිපුරණය ඇතුලු අනෙකුත් මුල්‍යමය ආධාර ලබාදීම සහතික විම.
* පළාත් පාලන ආයතන වලට පිරිස් කළමනාකරණය සම්බන්ධයෙන් පැවරි ඇති කාර්යයන් කාර්යක්‍ෂමව ක‍්‍රියාත්මක කිරිම.
* පළාත් පාලන ආයතන වල ආයතනික හා කාර්ය මණ්ඩල සංවර්ධනය සහතික විම හා එමගින් පළාත් පාලන ආයතන වල කාර්ය සාධනය උසස් මට්මටක පවත්වා ගෙන යාම

පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය

පළාත් පාලන ආයතනවල අරමුණු ඉටු කරගැනිමට හැකි වන පරිදි (නිලධාරින් හා මහජන නියෝජිතයන්ගේ) මානව සම්පත් සංවර්ධනය සඳහා නේවාසික පහසුකම් සහිත ආයතනයකි. (1995 වසරේ දි ආරම්භ කරන ලදී).

අපගේ අංශයන්

ආයතන අංශය

දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතන වල සමස්ථ කාර්යමණ්ඩලයට අදාල පත්කිරීම් ,උසස් කිරීම්,ස්ථානමාරුකිරීම්,විශ්‍රාම ගැන්වීම් සහ විනය කටයුතු

සංවර්ධන අංශය

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මුල්‍යමය,භෞතික හා තාක්ෂණික සහය ලබාදීම සහ අධික්ෂණය.

නීති හා විමර්ශන අංශය

පළාත් පාලන ආයතන වල කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීම,මගපෙන්වීම,සහ අධික්ෂණය.

ගිණුම් අංශය

පළාත් පාලන ආයතන වල කාර්යමණ්ඩල වැටුප්,සභික දීමනා,සංවර්ධන ප්‍රතිපාදන ලබාදීම ඇතුළු දෙපාර්තමේන්තුවේ ගිණුම් කටයුතු.

බාගත කිරීම

ශ්‍රී ලංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

බාගත කරගන්න

ශ්‍රී ලංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය

බාගත කරගන්න

ශ්‍රී ලංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන කාය්‍යර්‍ සංග්‍රහය

බාගත කරගන්න

මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකා තනතුර සදහා වන බදවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය

බාගත කරගන්න

අප අමතන්න

පළාත් පාලන දෙපාර්තමේන්තුව පළාත් සභා සංකීර්ණය ,
පල්ලෙකැලේ,
කුණ්ඩසාලේ
081-2202262


ඉල්ලීම් හා පැමිණිලි අප වෙත ඉදිරිපත් කරන්න

Top