පළාත් පාලන තේමා ගීතය

ආයුබෝවන්..!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1988 වසරේදී සිදුකරන ලද 13 වන සංශෝධනය අනුව පිහිටුවන ලද පළාත් සභාව යටතේ මධ්‍යම පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. පසුව පරිපාලන කාර්යයේ පහසුව උදෙසා හා මහජනතාවට සමීපව කාර්යක්ෂම,ඵලදායි සේවයක් ලබා දීම උදෙසා දිස්ත්‍රික්ක තුන සදහා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල පිහිටුවා එම කාර්යාල සදහා පළාත් පාලන සහකාර කොමසාරිස් අනුයුක්ත කර ඇත.

ඒ අනුව මධ්‍යම පළාතේ මහා නගර සභා 04ක්,නගර සභා 06 ක්,හා ප්‍රාදේශීය සභා 37 ක් වශයෙන් වූ පළාත් පාලන ආයතන 47 ක් වෙත නීතියෙන් පැවරී ඇති කාර්යභාරය කාර්යක්ෂමව හා එලදායි හා සථලදායි අන්දමින් ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් වන අයුරින් ඉටුකිරීම සඳහා අවශය වන්නාවූ මගපෙන්වීම, උපදෙස් දීම හා සහායවීමේ කාර්යය මධ්‍යම පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාපිත කාර්යභාරය වේ.

අපගේ දැක්ම

අපගේ දැක්ම

යහපාලනයෙන් විශිෂ්ටත්වයට පත්වූ දිවයිනේ සාර්ථකම පළාත් පාලන ආයතන පද්ධතිය මැදරටින්

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

මැදරට ප්‍රජාවගේ සුභ සිද්ධිය සදහා පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්යය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීමට හැකිවන පරිදි මිත්‍රශීලී මගපෙන්වීම පහසුකම් සලස්වාදීම හා සහයදීම තුළින් යහපාලනයෙන් යුතු සාර්ථක පළාත් පාලන ආයතන පද්ධතියක් පළාත තුල ස්ථාපිත කිරීම

ආයතන අංශය

ආයතන අංශය

දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතන වල සමස්ථ කාර්යමණ්ඩලයට අදාල පත්කිරීම් ,උසස් කිරීම්,ස්ථානමාරුකිරීම්,විශ්‍රාම ගැන්වීම් සහ විනය කටයුතු

සංවර්ධන අංශය

සංවර්ධන අංශය

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මුල්‍යමය,භෞතික හා තාක්ෂණික සහය ලබාදීම සහ අධික්ෂණය.

නීති හා විමර්ශන අංශය

නීති හා විමර්ශන අංශය

පළාත් පාලන ආයතන වල කටයුතු සාර්ථකව ඉටු කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීම, මගපෙන්වීම සහ අධික්ෂණය

ගිණුම් අංශය

ගිණුම් අංශය

පළාත් පාලන ආයතන වල කාර්යමණ්ඩල වැටුප්,සභික දීමනා,සංවර්ධන ප්‍රතිපාදන ලබාදීම ඇතුළු දෙපාර්තමේන්තුවේ ගිණුම් කටයුතු.

කොමසාරිස්තුමියගේ පණිවිඩය

ප්‍රාදේශීය සංවර්ධනයේදී සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ජනතා සහභාගීත්වය, පුරවැසි සහභාගීත්වය හා ප්‍රතිලාභී දායකත්වය තහවුරු කිරීම සදහාත් ඒ සදහා ඇති අවස්ථා පුළුල් කිරීම සදහාත් පළාත් පාලන ආයතන වෙත ව්‍යවස්ථාදායක, විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් පාලන විෂය වර්තමානයේදී සම්පුර්ණයෙන්ම උප ජාතික මට්ටමට (පළාත් සභා වෙත) විමධ්‍යගත කරනු ලැබ ඇත. මහා නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන ප්‍රධාන අණ පනත් මගින් පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන් පාලනය වන අතර එකී පළාත් පාලන ආයතන ස්වාධීනව කටයුතු කරන ව්‍යවස්ථාපිත ආයතනයන් වේ. මහජන ඡන්දයෙන් තොරා පත් කරගනු ලබන මහජන නියෝජිතයින්ගෙන්, පළාත් රාජ්‍ය සේවයට අයත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ පළාත් පාලන ආයතනගතව සේවය කරන කාර්යමණ්ඩල, සේවක මණ්ඩල වලින් පළාත් පාලන ආයතන සමන්විත වේ.

මහනුවර,මාතලේ,නුවරඑළිය යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් සමන්විත මධ්‍යම පළාතේ මහා නගර සභා 4ක් නගර සභා 6ක් සහ ප්‍රාදේශීය සභා 37ක් වශයෙන් පළාත් පාලන ආයතන 47ක් ස්ථාපනය කරනු ලැබ ඇත. සභිකවරුන් 1,233 ක් සහ 6,000 කට ආසන්න කාර්යමණ්ඩලයක් (2024) ඊට අයත්ය.
ස්වකීය පළාත් පාලන බල ප්‍රදේශයේ වාසය කරන, වෘත්තින්හි නියැලෙන, ව්‍යපාරික කටයුතුවල යෙදෙන බල ප්‍රදේශය වෙත පැමිණෙන, හරහා ගමන් කරන සංක්‍රමණික ප්‍රජාව සදහා වු මහජන සෞඛ්‍ය, පොදු පහසුකම්, සුබසාධක සේවාවන් සැලසීමත් එකී කාර්යයන් විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම පළාත් පාලන ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වේ. ඊට උපතේ සිට මරණය දක්වා වූ විවිධ පොදු උපයෝගීතා සේවාවන් අයත් වේ [වැඩි විස්තර කියවන්න]

තොරතුරු ලබා ගැනීමේ අයිතිය (RTI)

තොරතුරු  නිලධාරී
ආර්.තිලගේස්වරි
නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්

දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

අපගේ ලිපිනය

පළාත් පාලන දෙපාර්තමේන්තුව
පළාත් සභා සංකීර්ණය
පල්ලෙකැලේ,
කුණ්ඩසාලේ - 20168
ශ්‍රී ලංකාව
දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com