සංවිධාන ව්‍යුහය

organizational structure

අප ගැන

පැමිණිලි සහ යෝජනා

අපගේ දැක්මඅපගේ මෙහෙවර
යහපාලනයෙන් විශිෂ්ටත්වයට පත්වූ දිවයිනේ සාර්ථකම පළාත් පාලන ආයතන පද්ධතිය මැදරටින් මැදරට ප්‍රජාවගේ සුභ සිද්ධිය සදහා පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්යය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුකිරීමට හැකිවන පරිදි මිත්‍රශීලී මගපෙන්වීම පහසුකම් සලස්වාදීම හා සහයදීම තුළින් යහපාලනයෙන් යුතු සාර්ථක පළාත් පාලන ආයතන පද්ධතියක් පළාත තුල ස්ථාපිත කිරීම

 

ආයතනයේ කාර්යයන්

  1. පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්යයන් සිදු කිරීමට අවශය පහසුකම් සපයන්නෙක්,උපදෙස් ලබාදෙන්නෙක්,මග පෙන්වන්නෙක් හා අධීක්ෂකයෙක් ලෙස ක්‍රියා කිරීම
  2. පළාත් පාලන ආයතන වෙත රේඛීය අමාත්‍යාංශයෙන්, මධ්‍යම පළාත් සභාවෙන් හා වෙනත් ආයතන මගින් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමුඛතාගත කර, අවශ්‍යතාවයන් හදුනාගෙන අදාල පළාත් පාලන ආයතන වෙත යොමු කිරීම හා පසුවිපරම් කිරීම
  3. අතිගරු ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට/පළාත් පාලන කොමසාරිස්තුමා වෙත යොමු කරන මහජන පැමිණිලි හා පෙත්සම් සඳහා සම්බන්ධීකරණය කිරීම හා ගැටළු නිරාකරණය කිරීම
  4. පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය(පුස්තකාල/පෙර පාසල්/ආදාහනාගාර/සුසාන  භූමි/වැසිකිළි,කසළ කළමණාකරණය)සඳහා සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම
  5. පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ නව පත්වීම්/උසස් කිරීම්/කාර්යය මණ්ඩලය අනුමත කිරීම්/උසස්වීම් සඳහා  විභාග පැවැත්වීම ආදිය සිදුකිරීම
  6. සියළුම පළාත් පාලන ආයතන සඳහා හා දිස්ත්‍රික්ක උපකාර්යාල සඳහා වැටුප් ප්‍රතිපූර්ණය කිරීම
  7. පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා සපුරා දීමට කටයුතු කිරීම
  8. පළාත් පාලන ආයතනයන්හි කාර්ය සාධනය ඇගයීමට ලක්කිරීම
  9. පළාත් පාලන ආයතන වෙත  චක්‍රලේඛ නිකුත් කිරීම,උපදෙස් ලබා දීම

පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය

පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය - නවයාලතැන්න, කටුගස්තොට.

දේශන ශාලා හා නේවාසික පහසුකම් සඳහා අයකිරීම

ශාලා අංකය

ශාලාව

ඇතුලත් කල හැකි සංඛ්‍යාව

ගාස්තුව දිනකට (රු.)

B

ප්‍රධාන ශාලාව (වායු සමීකරණ, මල්ටි මීඩියා, නවීන ශබ්ද පරිපාලන පද්ධති සහිත)

150

12,000.00

A

දේශන ශාලාව (මල්ටි මීඩියා, ශබ්ද පරිපාලන පද්ධති සහිත, වායු සමීකරණ රහිත)

60

7,000.00

C

පරිගණක ඒකක

10

7,000.00

 

නේවාසික ගාස්තු

කාමර
අංකය

කාමර
වර්ගය

කාමර
සංඛ්‍යාව

කාමරයක නේවාසික
විය හැකි සංඛ්‍යාව

නේවාසික විය හැකි
මුළු සංඛ්‍යාව

ගාස්තුව
(රු.)

4

ද්විත්ව කාමර

1

2

2

1,500.00
(එක් කාමරයකට)

2,3,5

ද්විත්ව කාමර

3

2

6

1,000.00
(එක් කාමරයකට)

1,7

පොදු කාමර

1 කාමරය

10

20

500.00
(එක් ඇඳකට)

7 කාමරය

10

 

වෙන් කිරීම් හා ගෙවීම් කටයුතු

  • ඉහත සඳහන් කර ඇති පහසුකම් අප සතු වන අතර පළාත් පාලන කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට, ලිපි යොමුකිරීමෙන් වෙන් කිරීම් කටයුතු කළ හැකිය.
  • ලිඛිතව ඉල්ලීම් ලිපිය ලැබෙන තෙක්, වැඩසටහන හෝ නේවාසික වීම සම්බන්ධ වෙන් කිරීම ස්ථිර කරනු නොලැබේ.
  • චෙක්පතකින් ගෙවීම් කටයුතු සිදුකරනු ලබන්නේ නම්, “පළාත් පාලන කොමසාරිස් , මධ්‍යම පළාත ” නමට ලියන ලද චෙක්පත ස්ථාන භාර නිළධාරි, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය, නවයාලතැන්න, කටුගස්තොට යන ලිපිනයට එවිය යුතුය.

ගිණුමට බැර කරන්නේ නම්, 
        බැංකුවේ නම  - ලංකා බැංකුව 
        ශාඛාව -  මහනුවර 002 
        ගිණුම් අංකය - 1071031
        ගිණුමේ නම - පළාත් පාලන කොමසාරිස්, මධ්‍යම පළාත.

දුරකථන අංකය: +94 812 497252

ඊ‍ මේල් ලිපිනය: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු ලබා ගැනීමේ අයිතිය (RTI)

තොරතුරු  නිලධාරී
ආර්.තිලගේස්වරි
නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්

දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

අපගේ ලිපිනය

පළාත් පාලන දෙපාර්තමේන්තුව
පළාත් සභා සංකීර්ණය
පල්ලෙකැලේ,
කුණ්ඩසාලේ - 20168
ශ්‍රී ලංකාව
දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com