මාර්ගගත ගෙවීම් කිරීම

මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව

ප්‍රාදේශීය සංවර්ධනයේදී සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ජනතා සහභාගීත්වය, පුරවැසි සහභාගීත්වය හා ප්‍රතිලාභී දායකත්වය  තහවුරු කිරීම සදහාත් ඒ සදහා ඇති අවස්ථා පුළුල් කිරීම සදහාත් පළාත් පාලන ආයතන වෙත ව්‍යවස්ථාදායක, විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් පාලන විෂය වර්තමානයේදී සම්පුර්ණයෙන්ම උප ජාතික මට්ටමට (පළාත් සභා වෙත) විමධ්‍යගත කරනු ලැබ ඇත. මහා නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත යන ප්‍රධාන අණ පනත් මගින් පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන්  පාලනය වන අතර එකී පළාත් පාලන ආයතන ස්වාධීනව කටයුතු කරන ව්‍යවස්ථාපිත ආයතනයන් වේ. මහජන ඡන්දයෙන් තොරා පත් කරගනු ලබන මහජන නියෝජිතයින්ගෙන්, පළාත් රාජ්‍ය සේවයට අයත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ පළාත් පාලන ආයතනගතව සේවය කරන කාර්යමණ්ඩල, සේවක මණ්ඩල වලින් පළාත් පාලන ආයතන සමන්විත වේ.

මහනුවර,මාතලේ,නුවරඑළිය යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් සමන්විත මධ්‍යම පළාතේ මහා නගර සභා 4ක් නගර සභා 6ක් සහ ප්‍රාදේශීය සභා 37ක් වශයෙන් පළාත් පාලන ආයතන 47ක් ස්ථාපනය කරනු ලැබ ඇත. සභිකවරුන් 1,233 ක්  සහ 6,000 කට ආසන්න කාර්යමණ්ඩලයක් (2024) ඊට අයත්ය. 

ස්වකීය පළාත් පාලන බල ප්‍රදේශයේ  වාසය කරන, වෘත්තින්හි නියැලෙන, ව්‍යපාරික කටයුතුවල යෙදෙන බල ප්‍රදේශය වෙත පැමිණෙන, හරහා ගමන් කරන සංක්‍රමණික ප්‍රජාව සදහා වු මහජන සෞඛ්‍ය, පොදු පහසුකම්, සුබසාධක සේවාවන් සැලසීමත් එකී කාර්යයන් විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම පළාත් පාලන ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වේ. ඊට උපතේ සිට මරණය දක්වා වූ විවිධ පොදු උපයෝගීතා සේවාවන් අයත් වේ.

එම කාර්යයන් ඉටු කිරීම සදහා ප්‍රතිලාභීන් සහ පුරවැසි ප්‍රජාව මුල්‍ය දායකත්වය සපයන අතරම යෝජනා අදහස් ඉදිරිපත් කිරීමටත් තීරණ ගැනීමටත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සහභාගීවීම, පළාත් සභාව, මධ්‍යම රජය එම ක්‍රියාවලිය ශක්තිමත් කරළීමට දායකවීම පළාත් පාලනයේ විශේෂත්වයකි.
එකී කාර්යභාරය විධිමත්ව සහ නීත්‍යනුකුල ලෙස ක්‍රියාත්මක කිරීම සදහා පළාත් පාලන ආයතනය වෙත උපදෙස් දීම, මග පෙන්වීම, සහාය වීම සහ මිත්‍රශීලි අධීක්ෂණය යන කාර්යභාරය, වගකීම හා බලතල පළාත් පාලන කොමසාරිස් වෙත එකී අනපනත්වලින්ම පවරා දී ඇත.

ස්වකිය අණ පනත් යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වන සහ පාලනය වන පළාත් පාලන ආයතන එකී කාර්යභාරය නිසි පරිදි අරමුණු හා පරමාර්ථ ඉටුවන ආකාරයන් ක්‍රියාත්මක වන බවට සොයා බැලීම සහ පහසුකාරත්ව සහාය ලබා දීම පළාත් පාලන කොමසාරිස් බලතලවලට අයත්ය. ඒ සදහා මධ්‍යම පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මධ්‍යම පළාතේ ප්‍රධාන හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ  පිහිටුවා ඇත. එකී කාර්යයභාරය වඩාත් සමීප කිරීම හා පහසු කිරීම සදහා මහනුවර,මාතලේ,නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල තුනක් පිහිටුවා ඇත. පළාත් පාලනය සදහාම විශේෂවූ පුහුණු මධ්‍යස්ථානයක්ද පළාත් පාලන දෙපාර්තමේන්තුව සතුය.

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ස්වකීය අරමුණු හා පරමාර්ථ සාධනය කරගනිමින් පුරවැසි ප්‍රජාවන්ට සංක්‍රමණික ප්‍රජාවන්ට ප්‍රමිතිගත උසස් සේවාවක්, ප්‍රතිලාභීන් කේද්‍ර කරගනිමින්, ප්‍රතිලාභීන් සහභාගී කරගනිමින්, ප්‍රතිලාභීන් උදෙසා ආදර්ශවත් ලෙසින් ක්‍රියාත්මක වනු දැකීම මගේ අපේක්ෂාවයි.
ඒ සදහා මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් වශයෙන් ඔබට සුහදව ආරාධනා කරමි.

commissioner  ඒ.එම්.කේ.සී.කේ.අතපත්තු,
  පළාත් පාලන කොමසාරිස්,                                
  මධ්‍යම පළාත.

ඔබගේ පහසුව සඳහා සේවාවන් සැපයීමට අපි නිරතුරුව උත්සාහ කරන්නෙමු. ඔබට හොඳම සේවා ප්‍රමිතීන් ලබා දීම සඳහා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙයින් ඔබේම පළාත් පාලන ආයතනය දැන් ඔබට වඩාත් සමීප කරයි! 24x7 ඔන්ලයින් ගෙවීම් පහසුකමේ පහසුව භුක්ති විඳින්න

ඔබට මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ, ඔබේ

  • සාප්පු කුලිය
  • වරිපනම් බදු
  • ඔන්ලයින් වෙන්කරවා ගැනීම
  • බැකෝ යන්ත්‍ර කුලිය
  • ගලි බව්සර් කුලිය
  • ක්‍රීඩාංගන වෙන්කරවා ගැනීම
  • නගර ශාලා වෙන්කරවා ගැනීම
  • අදාහනාගාර කුලී ගෙවිම සහ
  • අනෙකුත් ගෙවීම්

මෙහිදී ගෙවිය හැක

මාර්ගගත ක්‍රමය ඔස්සේ සියළුම ගෙවීම සිදු කිරීම සදහා පිවිසෙන්න: https://elgservices.lk/

News and Events placeholder

තොරතුරු ලබා ගැනීමේ අයිතිය (RTI)

තොරතුරු  නිලධාරී
ආර්.තිලගේස්වරි
නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්

දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

අපගේ ලිපිනය

පළාත් පාලන දෙපාර්තමේන්තුව
පළාත් සභා සංකීර්ණය
පල්ලෙකැලේ,
කුණ්ඩසාලේ - 20168
ශ්‍රී ලංකාව
දුරකථන අංකය - +94 812 497252
ෆැක්ස් - +94 812 202261
විද්‍යුත් තැපෑල - comlogcp@yahoo.com